Dear John (2010) | පොළෝ තලයේ තවත් එක ජීවිත කතාවක්....

Dear John (2010) | පොළෝ තලයේ තවත් එක ජීවිත කතාවක්....



මම ඉන්නේ ඇෆ්ගනිස්ථානයේ නමින් ජෝන්. මම ඇමෙරිකානු හමුදාවේ තවත් එක සෙබලෙක්. මීට මොහොතකට කලින් පාලු බිල්ඩිමක් ඇතුලෙදී මට එහා පැත්තේ හිටපු සගයට වෙඩි වැදුනා. ඒත් එයාගෙ වාසනාවට ආරක්ෂිත කබාය එයාව බේරුවා. ඒත් ඒ එක්කම ඒ දිහාවට හැරුණු මට උණ්ඩ දෙකක් මගෙ ඇට මිදුළු පසාරු කරගෙන යනවා දැනුනා. මෙච්චර කල් සතුරාගේ මරණයේ වේදනාව දැකපු මට අද සතුරා ඒ මරණයේ වේදනාව දැනෙන්න සැලැස්සුවා.

මගෙ සගයා මට කතා කරමින් මොනවද කියනවා. ඒත් මට ඔහුව පේන්නේ බොඳවෙලා. එන්න එන්නම බොඳ වීම වැඩිවෙනවා. එයාගෙ අත රතු පාටයි. මට තේරුණා ඒ මගේ ලේ බව. සියලු දේ අපැහැදිලි වේගන යනවා. මට තව ටිකෙන් සිහි නැතිවෙයි. ඒත් මට මුලින්ම මතක් වුණේ….. කාසි වල සද්දෙ. මගෙ තාත්තා කාසි එකතු කරන්නෙක්. ඒක නිසා පොඩි කාලෙ ඉඳළම මට ඒක මතකයි. සොල්දාදුවන්ගේ තුවක්කු වලින් නිකුත් වෙන හිස් පිත්තල උණ්ඩ කොපු වලිනුත් මට ඇහෙන්නෙ කාසි වල සද්දේ.

මෙහෙම පණ ඇද්දට මට කියලා ජීවිතයක් තියෙනවා. ඒ ජීවිතයේ මගෙ තාත්තා ඇරුණු කොට මට බොහොම ලස්සන පෙම්වතියක් උන්නා. එයා මට ගොඩක් ආදරය කලා. මමත් එහෙමයි. මගෙ ජීවිතය ඉවර වෙන්න කලින් මම ආසයි ඒ කතාව ඔයාලට කියන්න. මේක මගේ ජීවිතයේ ආදර කතාවයි. එන්න මාත් එක්ක ඒ දුක බෙදා ගන්න.


මෙන්න මෙතනින් බාගන්න!









Leave a Reply