Green Lantern (2011) | දීප්තිමත්ම දිනයේ, අඳුරුම රාත්‍රියේ [සිංහල උපසිරැසි සමඟ]

Green Lantern (2011) | දීප්තිමත්ම දිනයේ, අඳුරුම රාත්‍රියේ [සිංහල උපසිරැසි සමඟ]



මේ ලිපියට උපසිරසි යෙදීම නිසා කුඩා අඩුපාඩු තියෙන්න පුළුවන්. Green Lanterns ලා ගැන ගොඩක් අයට අමුතුවෙන් කියල දෙන්න ඕනේ නෑනේ. Green Lanternsලා කියන්නේ විශ්වය ආරක්ෂා කරන ආරක්ෂකයින් ගේ කණ්ඩායමක්. මෙහි සාමාජිකත්වය ලැබීමට නම් ඔහු බිය නොමැති පුද්ගලයෙකු විය යුතුයි. මේ හැමෝටම තියෙනවා Green Power Ring එකක්. ඒකෙන් තමා මෙයාලට ශක්තිය ලැබෙන්නේ.

Martin Campbel විසින් අධ්‍යක්ෂණය කරන ලද Ryan Reynolds (Hal Jordan), Blake Lively (Carol Ferris), Peter Sarsgaard (Hector Hammond), Mark Strong (Sinestro) යන සුපිරි නළුනිලි කැළගේ රංගනයෙන් විචිත්‍රව විනාඩි 114 ක් පුරා ගලායන මෙම චිත්‍රපටය Green Lantern බලකාය නමින් හැඳින්වෙන බලකායත් එයට අලුතෙන් තේරී පත්වෙන පළමුවෙනි මනුෂ්‍යයා, Hal Jordan වටා ගෙතී තිබෙනවා. IMDB ratings 6.1 ක් ලබාගෙන ඇති මෙම චිත්‍රපටයේ දල අදායම මිලියන 200 ක් බව සඳහන්ව තිබෙනවා.

බලකාය මේ විශ්වය ආරක්ෂා කරනවිට ඔවුන් මුහුණ දුන් භයානකම අවධානම නම්, Parallax නමැති භීතියේ පැවැත්මයි (මේකේ තේරුම ෆිල්ම් එක බැලුවම තේරෙයි). ජනප්‍රවාදගත Abin Sur විසින් එය සිරගත කලද අනුන්ගේ බියෙන් යැපී ශක්තිමත් වූ Parallax, Abin Sur ව මරණිය ලෙස තුවාල කරනවා. ඉන්පසුව මරණාසන්න Abin Sur සමග ඔහුගේ ගේ යානය පෘතුවියට කඩාගෙන වැටෙනවා.

නපුර පැරදවීමට හැකියාවක් ඇති වීරයා මිය යද්දී ඔහු වෙනුවට තවත් කෙනෙක් ඉදිරිපත් වෙයිද ? ඔහුට සාර්ථක වෙන්න පුළුවන් වෙයි ද? ඕවට උත්තර දැනගන්න ඕනේ නම් චිත්‍රපටය නරඹන්නම වෙනවා.

මේ තියෙන පිටපත දීර්ඝ කරන ලද පිටපතක් නිසා කලින් බලපු අය ආයේ බැලුවට ප්‍රශ්නයක් වෙන්නේ නෑ.ෆිල්ම් එක ඉවර වෙලා නාමාවලියට පස්සේ තියෙන කුඩා කොටස බලන්න අමතක කරන්න එපා.
මේක ගැන කමෙන්ට් එකකුත් ඔයාලා දාලම යනවනම් මට ලොකු සතුටක්...
ඔබට ජය වේවා!! මම චාමික


695MB කොපිය මෙතනින් බාගන්න!

395MB කොපිය මෙතනින් බාගන්න!

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න!

Download Sinhala Subtitles




Leave a Reply