The Expendables (2010) | කාලෙකින් බලන්න නොලැබෙන සුපිරි සෙට් එකක් එකම චිත්‍රපටයක්

The Expendables (2010) | කාලෙකින් බලන්න නොලැබෙන සුපිරි සෙට් එකක් එකම චිත්‍රපටයක්



අනේ මන්දා මේ චිත්‍රපටය ගැන කොහොම ලියන්නද කියලා. ඒතරම්ම මුල ඉඳලා අග දක්වා ඇසි පිය ගහන්නෙ නැතිව බලන්න පුලුවන් චිත්‍රපටයක්. චිත්‍රපටය තිරගතවීම් ආරම්භ කරලා සති දෙකක්වත් නෑ. නමුත් දැනට ඩොලර් මිලියන 9.5 ක ආදායමක් මෙම චිත්‍රපටය සොයාගෙන බොක්ස් ඔෆිස් වාර්තා වල පෙරමුණ් ගැනීමට සමත්වෙලා තියෙනවා. ඒ වගේ චිත්‍රපටයක් සති දෙකක් ඇතුලත අපේ සිංහල මීඩියාTube රසිකයින්ට ලබාදෙන්න අපිත් වාසනාවන්තයි.මම හිතන්නෙ මේ චිත්‍රපටය ලංකාවෙත් සිනමාහල් තුල තිරගත වෙනවා.

චිත්‍රපටයේ රංගනයෙන් දායක වෙන සෙට් එක කියුවොත්, කොහෙන්ද පටන් ගන්නෙ……….. හරි චිත්‍රපටිය හදලා තියන මනුස්සයගෙන් පටන් ගනිමුකෝ. Sylvester Stallone කවුරුත් දන්න සුපිරි රම්බෝ චිත්‍රපටි මාලාව , රොකී, චිත්‍රපට මාලාව සහ තවත් චිත්‍රපට තුලින් සුපිරි රංගනයෙන් දායක උනා. ඊලඟට Transporter චිත්‍රපට මාලාව, The Italian Job වැනි චිත්‍රපට තුලින් අපට හමුවුන Jason Statham, තව ඉතින් Jet Li, Dolph Lundgren, Steve Austin, වගේ සුපිරි කට්ටියක් ඉන්නවා. නම් කියනවට වැඩිය දාලා තියෙන පෝස්ටරේ දැක්කහම කට්ටියව අඳුර ගන්න පුලුවන් වෙයි.

Sylvester Stallone (Barney Ross) කියන්නෙ Barney Ross කියන කන්ඩායමේ නායකයා. කතාව පටන් ගන්නෙ සෝමාලියානු කොල්ල කන්ඩායමක් විසින් ප්‍රාණ ඇපකරුවන් වශයෙන් තබාගෙන සිටින කන්ඩායම් බේරා ගැනීමට මෙම Expendables කන්ඩායම සටනක නිරතුවී එයින් ජය ගන්න ආකාරයයි. ඉන් පසුව මොවුන්හට Bruce Willis විසින් (ආහ් කියන්න බැරි උනා Bruce Willis සහ Arnold Schwarzenegger මෙහි ආරාධිත රංගනයෙන් දායක වෙනවා) Sylvester Stallone ඇතුලු කන්ඩායමට මෙහෙයුමක් බාර දෙනවා. එතනින් එහාට මම කියන්න යන්නෙ නෑ. මම අර මුලින් කියුවා වගේ එක හුස්මටම බලන්න පුලුවන් ජාතියෙ චිත්‍රපටියක් මේක. සටන් ජවනිකා ගැනනම් ඉතින් ආයෙ දෙකක් නෑ.
චිත්‍රපටයේ පිටපත ගැන දෙපාරක් හිතන්න එපා හරියට බ්ලූ රේ එකක කොලිටියටම තියනවා.
ඔබට ජය!!මම චාමික

මෙතනින් බාගන්න!

Leave a Reply