Paycheck (2003) | කවුරු හරි ඔබේ මතකය මකා දැමුවොත්??

Paycheck (2003) | කවුරු හරි ඔබේ මතකය මකා දැමුවොත්??





සිංහල මීඩියාTube අඩවියට ලිපියක් ලියන්න ගොඩාක් ආසාවෙන් හිටියත් වෙලාවක් තිබුනේ නෑ. ඉතින් වෙලාවක් ලැබුන ගමන් මං මගෙ  ලිපිය ලියුවා. මේක පරණ වුනාට ගොඩාක් ලස්සන කතාවක්. විද්‍යා ප‍්‍රබන්ධයක්. මෙහි ප්‍රධාන චරිතයට පණ පොවන්නේ Ben Affleck. මෙම චිත්‍රපටිය IMDb රේටින් එක 6.1 අගයක් ලබාගෙන තියෙනවා.

කථාව මෙන්න මෙහෙමයි…
Jennings(Ben Affleck) විද්‍යාත්මක උපකරණ නිපදවන ඉන්ජිනේරුවෙක්. ඔහු නිපදවනවා නවීන තාක්ෂණික විද්‍යාත්මක උපකරණ යම් අයතනයක් වෙනුවෙන්. ඉන්පසු එම ආයතනයෙන් උපකරණය නිපදවු කාලය තුල මතකයන් ඔහුගෙ මනසින් මකා දමනවා.ඒ සදහා ඔහු මුදල් ලබගන්නවා. එක් අවස්ථාවක ඔහු විශාල ව්‍යාපෘතියකට බැඳෙනවා වසර 3කට. මේක ආරම්භයේදීම ඔහුගෙ මතකයන් මැකී යන යමක් ඔහුගෙ ශරීරයට එන්නත් කරනවා. ඔහු නැවත වසර 3කට පසු ව්‍යාපෘතිය නිමාවී ආවිට ඔහු මුහුන දෙන දේවල් සමග
ඔහුට තේරෙනවා ඔහුව අදාල ආයතනයෙන් රවටා ඇති බව. නමුත් ඔහුට කිසිවක් මතක නෑ. තවද ඔහුගේ ජීවිතයට මරණ තර්ජන එල්ලවෙනවා. මේ සමගම ඔහුට ලැබෙනවා ඔහු විසින්ම ඔහුගෙ නමට එවන ලද පාර්සලයක්. මේකේ තියෙන්නේ අව්කණ්ණාඩියක්, Bottle of Hair spray, යතුරක්, සිගරට් පෙට්ටියක් වගේ පුංචි දේවල් ටිකක්. ඉතින් මේ පාර්සලය ඔහුට ප්‍රහේලිකාවක් වුනත් ඔහුටම නොදැනී මේ තුල ඇති දේවල් ඔහුට සෑම අවස්තාවකදීම කරදර වලින් බේරෙන්න උදවු වෙනවා. ඒ වගේම මේ කතාව තුල ලස්සන ආදර කතාවක් යනවා. Jennings ආදරෙන් බැ‍දෙනවා Biologist කෙනෙක් වන Rachel සමග. මේ ආදරයත් සමග තමයි කතාව අවසානය දකින්නෙත්.

ඔහු පහුගිය අවුරුදු 3දී නිපදවුයේ කුමක්ද? ආනාගතයෙදී අවශ්‍ය වෙන දේවල් ඔහුට ඔහු විසින්ම තැපැල් කලේ කොහොමද? ඔහු මේ ප්‍රහේලිකාව විසදන්නේ කොහොමද? ඔහුගෙ ආදරයට මොකක්ද වෙන්නේ? ඔහුව මරන්න හදන්නේ කවුද? ඇයි? ඔහුගෙ ජීවිතය බේරෙයිද? මේදේවල් දැනගන්න නම් චිත්‍රපටිය බලන්න…

මේක අවසානය දක්වාම කුතුහලය පිරුනු ලස්සන කතාවක්. බලලාම කියන්නකෝ. ටිකක් පරණ නිසා seeds ටිකක් අඩු ඇති කලබල නැතුව බාගෙන බලන්න. කථාව නියමයි.
ඔයාලගේ comment එකක් බලාපොරොත්තුවෙන් මම දැනට නවතින්නම්....මම චාමික


700MB කොපිය මෙතනින් බාගන්න!

(ඉංග්‍රිසි උපසිරැසි අන්තර්ගතයි)

550MB කොපිය මෙතනින් බාගන්න!




Leave a Reply