Harry Potter and the Deathly Hallows Part 2 (2011) | අවසානය… [සිංහල උපසිරැසි සමඟ]

Harry Potter and the Deathly Hallows Part 2 (2011) | අවසානය… [සිංහල උපසිරැසි සමඟ]

>මුලින්ම මම කට්ටිය ගෙන් සමාව ඉල්ලනවා මේක දෙන්න පරක්කු වීම ගැන. මේකෙ මුල් කොටස සිංහල උපසිරැසි එක්ක දෙද්දි මම පොරොන්දු වුනා දෙවෙනි කොටසත් උපසිරැසි දෙනවා කියලා. ඒත් මම ටික කාලයක් බයිස්කෝප් අඩවියෙන් ඈත් වෙලා ඉඳලා ආපහු ඇවිත් බලද්දි මේක තව කෙනෙක් බාර අරගෙන. ඒත් කනගාටුවට කරුන තමා හොඳ කොපියක් ඇවිල්ලත් සෑහෙන කාලයක් යනකම් ඒ බාරගත්තු සහෝදරයගෙන් පිළිතුරක් නොලැබීම. :( ඉතින් මම තීරණය කලා මමම මේකටත් උපසිරැසි යොදනවා කියලා. මම ආයෙමත් කියන්නෙ උපසිරැසි බාර ගන්න අයට ඒක කරන්න අපහසුවක් ඇති වුනොත් කරුණාකරලා අපිට කියන්න කියලා. එතකොට හොඳ කොපියක් ආපු ගමන්ම පරක්කු නොකර දෙන්න පුලුවන් උපසිරැසි නැතුව හරි.
මේ අවසාන හැරී පොටර් කතාව චිත්‍රපටි දෙකක් විදියට තමයි නිපදවුනේ. ඒත් ඊට කලින් ආපු Harry Potter and the Half-Blood Prince චිත්‍රපටියේදි ඩම්බල්ඩෝර් කියනවා වොල්ඩිමෝට් ගේ ආත්මය කොටස් 7කට කඩා Horcrux වල සඟවා ඇති බව සහ ඔහුව විනාශ කිරීමට කලින් එම කොටස් 7 විනාශ කලයුතු බව. ඒත් ඒ වනවිට Tom Riddle ගේ ඩයරිය හා Marvolo Gaunt ගේ මුද්ද විනාශ කර අවසානයි. ඉතිරි Horcrux පහෙන් Salazar Slytherin ගේ ලොකට් එක මේකෙම පළවෙනි කතාවෙදි හැරී විනාශ කරනවා. ඉන්පසු ඉතිරි Horcrux හතර සොයා යෑම තමා මේ කතාවෙදි වෙන්නෙ.
හැමෝටම බලන්න කියලා ආරාධනා කරන ගමන්ම කමෙන්ට් එකකුත් දාලම යන්න කියලා කියනවා. තවත් නිර්මාණයක් සමඟ ලඟදීම හමුවෙමු. ඔන්න එහෙනම් පොරොන්දු ඉටු කලා හොඳේ.. :P :P 125

චිත්‍රපටය මෙතනින් බාගන්න!

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න!

Download Sinhala Subtitles

 

Leave a Reply