Rise of the Planet of the Apes (2011) | වානර ආක්‍රමණය [සිංහල උපසිරැසි සමඟ]

Rise of the Planet of the Apes (2011) | වානර ආක්‍රමණය [සිංහල උපසිරැසි සමඟ]





හොඳයි මම ඔයාලට තවත් චිත්‍රපටියක් අරන් ආවා සිංහල උපසිරසි සමග.මම හිතන්නේ මේ චිත්‍රපටියේ හොඳ පිටපතක් එන්න ගොඩාක් කල් ගියා. Cam Rip තිබුණත් අනිත් වෙබ් අඩවි වල කරනවා වගේ ඒ වගේ පිටපතකට උපසිරසි යොදලා ඔයාලගේ රසවින්ඳනය බාල කරන්න මම කැමති නෑ.මොකද සිංහල මීඩියාTube අඩවියෙන් චිත්‍රපටි බාගත කරන සහෝදර සහෝදරියෝ පිටපත ගැන විශ්වාසයෙන් තමා බාගත කරන්නේ දෙපාරක් හිතන්නේ නැතුව. මම වුනත් එහෙමයි. සිංහල මීඩියාTube අඩවියෙන් සබ් දෙනකල්ම බලාගෙන ඉන්න සහෝදරයෝ පිරිසක් ඉන්නවා.ඉතින් සබ් එක වෙන අඩවියක දුන්නත් නැතත් අපි යමක් කරන්න බාර ගත්ත නම් ඒක පුළුවන් තරම් ඉක්මනට සම්පූර්ණ කරලා දෙන එක යුතුකමක් කියලයි මම හිතන්නේ. මම මේක කිව්වේ මම දැක්ක කමෙන්ඩ් කීපයක් නිසා.

මම අපේ උපසිරසි දාන්න බාර අරන් ඉන්න අපේ සහෝදරයින්ට පොඩි දෙයක් කිව්වොත් අමනාප වෙන එකක් නෑයි කියලා හිතෙනවා.ඒක තමයි අළුත් චිත්‍රපටි වලට උපසිරසි දාන්න බාර ගත්තාම ඒක ටිකක් ඉක්මනට දෙන්න බලන්න.මොකද හැම සිංහල මීඩියාTube සහෝදරයෙක්ම ලිස්ට් එක බලලා සබ් බාර අරන් තියන ඒවා වෙනුවෙන් බලාගෙන ඉන්න නිසා. මමත් එහෙම බලාගෙන ඉන්නවා.:)

හොඳයි චිත්‍රපටිය ගැන කියනව නම් 2011 අගෝස්තු මාසේ තමයි මේ චිත්‍රපටිය නිශ්පාදනය කරලා තියෙන්නේ. Rupert Wyatt ගේ අධ්‍යක්ෂනයක් වුණ මේ චිත්‍රපටිය ජාත්‍යන්තර චිත්‍රපටි දර්ශකයේ ඇගයීම් 7.8 වගේ ඉහළ සංඛ්‍යාවක් දිනාගෙන තියනවා. James Franco, Andy Serkis සහ Freida Pinto ඇතුළු නළු නිළියෝ පිරිසක් මේ චිත්‍රපටියට රංගනයෙන් දායක වෙනවා.

චිත්‍රපටියේ කථාව ගැන කියනව නම් විල් කියන්නේ ජෛව රසායන විද්‍යාඥයෙක්.එයා වැඩ කරන්නේ නව ඖෂද නිපදවන පරීක්ෂනාගාරයක.ඉතින් මේ විද්‍යාඥයා මානව ඇල්ෂයිමර් කියන අමතක වීමේ රෝගයකට බේතක් හොයා ගන්න චිම්පන්සි යොදාගෙන පරීක්ෂන කරනවා.ඒත් ඒ පරීක්ෂනයට බදුන් වන චිම්පන්සි ධේනුව ගැබිනියක් බව මේ විද්‍යාඥයා දන්නේ නෑ.කළහාකාරී හැසිරීම නිසා මේ චිම්පන්සි ධේනුව පරීක්ෂනාගාරයේ ආරක්ෂක නිළධාරීන් විසින් මරා දමනවා. ඉතින් ඒ වනවිටත් ඉපදිලා ඉන්න මේ චිම්පන්සි ධේනුවගේ පැටියා අර ජෛව රසායන විද්‍යාඥයා විසින් හදා ගන්නවා.ඒ පැටියගේ නම තමයි සීසර්.ඉතින් මේ සීසර් මානව බුද්ධි වර්ධන ලක්ෂන පෙන්වන්නේ ඇයි?එයා විද්‍යාඥයා එක්ක ඉතාම සමීප සබදතාවයක් දක්වන්නේ ඇයි?මේ වානරයා නගරයක් ආක්‍රමණය කරන්න තරම් බුද්ධිමතෙක්ද?මේ ප්‍රශ්න වලට උත්තර ඕනේ නම් චිත්‍රපටිය බලන්නම වෙනවා.

ඉතින් මම ඔයාලා වෙනුවෙන් කැප කරපු කාළය වෙනුවෙන් ඔයාලගේ කාළයෙන් විනාඩියක් දෙකක් කැප කරලා ඔයාලගේ කමෙන්ට් එක දාගෙන යන්න අමතක කරන්න එපා.ඒ කමෙන්ට් එක තමයි තවත් චිත්‍රපටියකට උපසිරසි දාන්න මට ශක්තියක් වෙන්නේ.
එහෙනම් තවත් හොඳ චිත්‍රපටියකින් නැවත හමු වෙමු.

ජය වේවා!! මම චාමික


740MB කොපිය මෙතනින් බාගන්න!

390MB කොපිය මෙතනින් බාගන්න!

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න!

Download Sinhala Subtitles

Leave a Reply