The Sorcerer and the White Snake (2011) | ග්ලැඩියේටර් ප්‍රේමය [සිංහල උපසිරැසි සමඟ]

 The Sorcerer and the White Snake (2011) | ග්ලැඩියේටර් ප්‍රේමය [සිංහල උපසිරැසි සමඟ]


ඔන්න කාලෙකට පස්සේ නැවත අපිත් එක්ක ඉන්න කට්ටියට චීන චිත්‍රපටියක් දෙන්න හිතුනා. ආයේ චීන චිත්‍රපටියක් කියනකොටම කට්ටියට මතක් වෙන්නේ කුන්ග්ෆු සටන් කලාවනේ. මේකෙත් ඒ වගේම හිතාගන්න බැරි විදිහේ සටන් දර්ශන රාශියක් තියෙන ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එක මම බලපු ෆිල්ම් වලින් පට්ටම ලස්සන ලව් ස්ටොරි එකක් තියෙන ෆිල්ම් එකක්. වයසෙ වැරැද්ද හින්දද මන්දා හැම වෙලේම ලව් ස්ටොරි වලටම සිංහල සබ් දාන්නේ. මේ ෆිල්ම් එක හදන්න පටන් අරන් තියෙන්නේ 2010 සැප්තැම්බර් 10, හදලා ඉවරවුනේ 2011 ජනවාරි 16. හැබැයි රිලීස් වෙන්නේ 2011 සැප්තැම්බර් 29, එතකොට මේක රූගත කරන්න ගියාවගේ දෙගුනයක් කල් මෙකේ ඇනිමේශන් හදන්න ගිහින් තියෙනවා. ඒ වගේම රිලිස්වෙලා මාස හතරක් ඇතුලත බයිස්කෝප් වෙතින් කට්ටියට සින්හල සබ් ටිකත් හම්බෙනවා. කට්ටියට ඉක්මනටම මේ ෆිල්ම් එක දෙන්න පුළුවන් උනේ මාත් පහුගිය දවස් ටිකේ නිවාඩු පාඩුවේ හිටිය නිසා…..(බොරු ඇඩ් ඇති නේද..)
මේක අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ Ching Siu-tung විසින්. ඒ වගේම මේ ෆිල්ම් එකේ ලෝක පූජිත සටන් නළු Jet Li රඟපනවා. මේකේ Jet Li විසින් Fahai පූජකවරයාගේ චරිතය රඟපානවා අනෙක් චරිත Eva Huang (Susu) , Raymond Lam (Xu Xian) , Charlene Choi (Qingqing) විසින් රඟපානවා. මේ චිත්‍රපටිය සෑදීමට හොංකොං ඩොලර් මිලියන 200ක් වැයවෙලා තියෙනවා. මේ ෆිල්ම් එකේ වෙන්නේ Fahai පූජකයා [Jet Li] හා ඔහුගේ ගෝලයා[Wen Zhang (Neng Ren)] මේ ලෝකයේ මිනිස්සු අතර සිටින යක්ශයන් අල්ලලා සිරකරමින් මිනිස්සු අමනුස්සයන්ගේ ග්‍රහනයෙන් මුදවාගන්න උත්සහා කරනවා. නමුත් තරමක් මෝඩයෙක් උනු මොහු එක් සටනකදි පහර කෑමකට ලක්ව ක්‍රමයෙන් අමනුස්සයෙක් බවට පත්වෙනවා. මේ අතර වන සුදු නාගයා [Eva Huang (Susu)] මනුස්ස වේශයෙන් පැමින සාමාන්‍යය මනුස්සයෙකුට [Raymond Lam (Xu Xian)]පෙම්කර විවාහා වීමට උත්සහා කරනවා. නමුත් මේ දෙදෙනා අතරට Fahai පූජකයා පැමිනෙනවා, මේ මනුස්ස වෙශයෙන් සිටින සුදු නාගයා අල්ලාගැනීමට.
පෙම්වතුන්ට එක් වීමට හැකිවේයිද? දරුණු යක්ශයන් හා සටන් කොට ජයගත් මේ Fahai පූජකයා සමඟ සටන් කිරිමට සුදු නාගයාට හැකිවෙයිද? මේ ටික ෆිල්ම් එක ඩවුන්ලොඩ් කරගෙනම බලන්න……..

1.46 GB කොපිය මෙතනින් බාගන්න

632 MB කොපිය මෙතනින් බාගන්න

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න

Download Sinhala Subtitles



Leave a Reply