Tears of the Sun (2003) | හඳුනාගන්න මනුෂ්‍යත්වය!

Tears of the Sun (2003) | හඳුනාගන්න මනුෂ්‍යත්වය!





මම ඇත්තටම පුදුම වෙනව මේ ෆිල්ම් එක සිංහල මීඩියාTube සහෝදරයන්ට අමතක වීම ගැන. ඒ නිසා මම මගේ දෙවෙනි ලිපිය වශයෙන් මේක පළ කරනවා. සමහරවිට ඒගොල්ලන්ගේ කාර්යබහුලත්වය නිසා අමතකවීම පුදුමයකුත් නෑ.
කතාව දෙසට හැරුනොත් සැබවින්ම මිනිස්කම කියන්නේ කුමකටද යන්න කියාදෙන චිත්‍රපටියක්. දකුණු අප්‍රිකාවේ එක්තරා ප්‍රදේශයක වෙනත් ආගම් අදහන සියලුම මිනිස්සුන්ව නයිජීරියානු හමුදාවක් විසින් ඉතා කෲර අන්දමින් මරා දමනු ලබනවා. මෙවැනි කාලවකවානුවක අමෙරිකාවේ වෛද්‍යවරියක් (Monica Bellucci) ස්වකැමැත්තෙන්ම පීඩා විඳින මොවුන්ට ප්‍රතිකාර කිරීමට ඉදිරිපත් වෙනවා. නමුත් මෙම වෛද්‍යවරිය බේරාගන්න සොල්දාදුවන් හයදෙනෙක්ගෙන් යුක්ත කන්ඩායමක් අමෙරිකාවෙන් පිටත් කර හරිනු ලබනවා. මෙම කන්ඩායමේ නායක චරිතයට පණ පොවන්නේ සුපිරි නළු Bruce Willis විසිනුයි. සත්‍ය කතාවක් ඇසුරින් නිෂ්පාදනය කළ මේ චිත්‍රපට්යට සිoහල උපසිරසි නොදැම්මේ සරල ඉoග්‍රීසි දෙබස් ඇති නිසා. imdb raitings වලින් 6.4/10ක් ඇති මේ චිත්‍රපටිය සැබවින්ම ඉතා හැඟුම්බර එකක්. ආ…..අමතක වෙන්න ඉස්සෙල්ල කියන්න ඕන මෙහි පසුබිම් සoගීතය ඉතාම ලස්සනයි. සoගීත වැඩකරු Hanz Zimmer.
අප්‍රිකානුවන් නිදහස කෙතරම් අගය කරනවද යන්න මෙතුළින් මනාව පැහැදිලි වෙනවා. ඉතින් අමෙරිකානු වෛද්‍යවරිය බේරාගැනීමට මොවුන් ආදරය,සෙනෙහස,කරුණාව තුළින් කරන අරගලය අපිත් බලමුද? ඔබට චිත්‍රපට්ය අවසානයේදි කඳුලක් නැගේව්!

බාගෙනම බලන්න...

ඔබට ජය!!මම චාමික


මෙන්න මෙතනින් බාගන්න!

Leave a Reply