Green Zone (2010) | බොරුව හා රැවටීම....

Green Zone (2010) | බොරුව හා රැවටීම....




ඔන්න කාලයක් තිස්සෙ බලාගෙන හිටපු ෆිල්ම් එකක් උණු උණුවෙම ගෙනාවා. තාම ටොරන්ට් එක ඇවිල්ලා දවසකටත් අඩු නිසා බාන්න නම් ටිකක් අමාරු වෙයි. කවුරුත් දන්න පට්ටම චිත්‍රපට පෙලක් වෙච්ච The Bourne කතාමාලාවේ අවසන් චිත්‍රපට දෙක අධ්‍යක්ෂණය කරපු Paul Greengrass හා ඒ කතාමාලාවේ රඟපෑ Matt Damon ගේ සුපිරි රංගනයෙන් හැඩවුනු මේ චිත්‍රපටය කට්ටියටම අල්ලලා යයි කියලා හිතනවා.

මේ කතාවට පාදක වෙන්නෙ ජනමාධ්‍යවේදී Rajiv Chandrasekaran 2006 දී ලියූ Imperial Life in the Emerald City නම් ප්‍රබන්ධිත නොවන (non-fiction) ග්‍රන්ථය ආශ්‍රයෙන්. එහි ලියවී ඇත්තේ ඉරාකයේ අධිආරක්ෂිත කලාපය වන Green Zone හී සිද්ධීනුයි. Roy Miller (Matt Damon) හා ඔහුගේ කණ්ඩායම සමූලඝාතක අවි සොයාගැනීමේ මෙහෙයුම් තුනක්ම අසාර්ථක වී සිටින අතර ඔහු බුද්ධි අංශ තොරතුරු පිළිබඳව සැක පහල කරනවා. ඒත් ප්‍රධානීන් එය බැහැර කරන අතර ඔහුගෙ විරුද්ධතා නොසලකා සිටියත් Martin Brown (Brendan Gleeson) නම් CIA ප්‍රධානියා ඔහුට පසුව හමුවී පවසනවා ඊලඟට ඔවුන් බලන්න යන තැනත් ඒ වගේම අවි රහිත ස්ථානයක් බව. මේ අතර ඇති රහස සොයා ගැනීම තමා චිත්‍රපටයේ තේමාව වෙන්නෙ.

මම මේක එනකම් සෑහෙන කාලයක් බලාගෙන උන්නා වගේම මේකට සබ් දාන්නමයි උන්නෙ. ඒත් අවුරුදු එකහාමාරකට පස්සෙ ලංකාවට හෙට අනිද්දට එන්න තියෙන නිසාත්, ඒකට අවශ්‍ය වැඩකටයුතු වල මම නිරත වෙලා ඉන්න නිසාත් සබ් එක නම් දෙන්න බැරිවෙනවා. ඒකට සමාව ඉල්ලන ගමන්ම කමෙන්ට් එකකුත් දාලා මට සැනසීමේ නින්ද යන්න කටයුතු කරයි කියලත් හිතනවා :P

ඔබට ජය!! මම චාමික

මෙන්න මෙතනින් බාගන්න!



Leave a Reply