The Thing (2011) | මා නොවන මා

The Thing (2011) | මා නොවන මා



මගේ මතකය අතිතය කරා දිවයයි. එනම් මට මේ වෙබ් අඩවියට ලිපි ලිවිමට අරාධනා ලද මොහොත වෙත. චාමික සහොගෙන් ලද එම අරාධනාවේ එක්තරා අහිංසක ඉල්ලිමක් විය. එය නම් සිනමා කෘති අංශය බාරගෙන ඒ සදහා වැඩි ලිපි ප්‍රමානයක් එවිමට කටයුතු කරන ලෙසයි. ඉතින් තවමත් ඒ අඩුපාඩුව එලෙසම පවතින බැවින් වසර අග පැමිනි මේ සිනමා කෘතිය වෙත වැඩි අවදානයක් ලබාදිමට සිතුවෙමි. සිනමා කෘතිය ගැන පැවසිමට ප්‍රථම මා හිතවත් චාමික සහොවත් මතක් කිරිමට සිතුනි. හොඳයි, මේක Horror වුනාට ටිකක් විද්‍යා ප්‍රබන්ධ පැත්තටත් බරයි. මොකද මෙකේ සිදුවන්නෙ විද්‍යා පරික්ෂණයක්, ඒකයි.

මේ සිනමා කෘතිය නැවත නිපදවන ලද්දක් ලෙසද හැඳින්විය හැක. මෙහි මුල් නිශ්පාදනය 1982 වසරෙ සිදුවුවකි. IMDB 6.5 ප්‍රමානය කරා ලගා වි ඇති මෙම නිර්මාණය සඳහා රංගන දායකත්වය Mary Elizabeth Winstead ලබාදෙයි. ඇය මිට ඉහතදි Live Free or Die Hard හී දියණියගේ චරිතයත්, Scott Pilgrim vs. the World හි පෙම්වතිය ලෙසත් අප හඳුනාගන්නා ලදි. එමෙන්ම මෙහි ඇඩම්ගෙ චරිතයට පනපොවන නළු Eric Christian Olsen, Fired Up හරහා අප හඳුනාගෙන ඇත.

කතාව පිටසක්වලට සම්බන්ධයි. එක්තරා පරික්ෂකයන් පිරිසක් එක්තරා යානයක් සොයාගනියි. මේ පරික්ෂකයන් කවුරුන්ද, යානය කුමක්ද කියලා දැනගන්න නම් මේ සිනමා නිර්මාණය නරඹන්නම වෙනවා. මේ යානය කඩා වැටුනු තැනට මිටර් කිපයක් එහායින් තවත් යමක් මොවුනට හමුවෙනවා. ඒ අයිස් මත හිරවුනු සිරුරක්. මේ සිරුර කගෙද, එය රහසක්. හැබැයි මිනිත්තු 20ක් විතර කතාව Skip කලාම දැන් මේ සිරුරට පණ ඇවිල්ලා තවත් මිනිත්තු 10 විතර Skip කලාහම මරණයන් 2ක්, එක සිරුරක් මිනිසෙකුගෙ, අනෙක? හ්ම්ම්ම් හ්ම් හ් එතැන් සිට සිදුවන දේ තමයි මේ චිත්‍රපටියේ අන්තර්ගතය. මිත්‍රවරුනේ ඔබලට මේක බලන්නම වෙනවා ඉදිරියට වෙන දේ දැනගන්න. මේ සිනමා කෘතියේ අවසාන වන තැන සිදුවන ඝාතනය නිවරදිද, නැතහොත් වැරදිද ඔබ ඒක බලලාම තිරණය කරන්න.


700MB කොපිය මෙතනින් බාගන්න

450MB කොපිය මෙතනින් බාගන්න (R5)

ඉංග්‍රිසි උපසිරැසි මෙතනින් ගන්න.

Leave a Reply