Arya 2 (2009) | නොබිදෙන මිතුදමද… ආදරයද…[සිංහල උපසිරැසි සමඟ]

Arya 2 (2009) | නොබිදෙන මිතුදමද… ආදරයද…[සිංහල උපසිරැසි සමඟ]

ඉතින් කොහොමද යාලුවනේ? හැමදාම වගේ මේ පැත්තේ ආව ගියාට කවදාවත් පොස්ට් එකක් දාන්න බැරි උනානේ. ඉතින් හිතුවා දාන පළවෙනි පෝස්ට් එකම උපසිරැසි එක්කම දාන්න. මුලින්ම කියල ඉන්න ඕනේ මේ මගෙ පළවෙනි උපසිරැසි ගැන්වීම. ඒක නිසා අඩු පාඩු නම් ගොඩක් ඇති ඒකට ඉතින් සමාව භාජනයක දාල දියකරල දෙන්න කියල ඉල්ලනවා..
හරි එහෙනම් ඔය කියෙව්ව ඇති. අපි ෆිල්ම් එක ගැන බලමුකෝ. මේක ගැන කියනවනම් මම මේ වෙනකන් බලපු තෙලිඟු ෆිල්ම්ස් වලින් නම් සුපිරිම එකක්. IMDb රෑන්ක් එක 7.2 ක් ලබාගෙන තියෙනවා. ඉතින් සුපිරිතාවය කෙතරම්ද කියල හිතාගත හැකිනේ. මෙකේ ප්‍රධාන චරිතයට පන පොවන්නෙ ඔයල ඔක්කොම දන්න සුපිරි නලු Allu Arjun සමග kajal Agarwal. තව Navdeep ත් රංගනයෙන් දායක වෙනවා.
බයිස්කෝප් එකේ ස්ටෝරිය ගැන කියනවනම්, ආර්යා ඒ කිව්වෙ Allu Arjun යි, අජේයි ඒ කියන්නෙ Navdeep යි පොඩි කාලෙ අනාත මඩමකදි හමුවෙන යාලුවො දෙන්නෙක් (යාලුකම පටන් ගන්න හැටි බලලම දැන්ගන්නකෝ). ආර්යා අජේට පණ වගේ ආදරෙයි. ඒත් අජේ ආර්යාව තුට්ටුවකට ගනන් ගන්නේ නෑ. හැබැයි කොහොමහරි අජේට තමන්ගෙ කොම්පැනි එකේම ආර්යට රස්සාවක් දෙන්න වෙනවා. ඔය අතරෙ තමයි ඔය දෙන්නට ගීතව හම්බ වෙන්නේ. ඒ කිව්වෙ Kajal Agarwal ව. හැබැයි වැඩේ කියන්නේ මේ දෙන්නගෙම හිත යන්නෙ ගීතට. ඉතින් ගීත කැමති වෙන්න කාටද අජේටද? ආර්යටද? ඒක දැන ගන්නනම් බාගෙනම බලන්න වෙනවා. අයියෝ ඔය කිව්ව හොඳටම ඇති. තව කිව්වොත් බලන්න දෙයක් නැති වෙනවා.
තව දෙයක් මේ ෆිල්ම් එක ගැන කියනකොට මියුසික් ගැනනම් අමතක කරන්න බෑ. මාරම ලස්සන සින්දු ටිකක් තියෙන්නේ. අහලම බලන්නකෝ…
කලින් කිව්වා වගෙ යාලුවනෙ මේක මගෙ පළවෙනි පරිවර්තනය නිසා අඩුපාඩුනම් ගොඩක් ඇති. තව මම මේකේ සින්දු වලටනම් සබ් දැම්මේ නෑ වෙලා මදි උන නිසා. මොකද වැඩේ බාර ගතතට පස්සේ තාම තෙරුණේ අමාරුව. අනික මේක 2h 42min තිබ්බ නිසා සබ් දාන්න ගොඩක් කල් ගියා. ඉතින් යාලුවනේ නිකන්ම බාගෙන යන්නෙ නැතුව කොමෙන්ටුවකුත් දාල යන්න හොඳේ.

චිත්‍රපටය මෙතනින් බාගන්න

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න

Download Sinhala Subtitles

 

Leave a Reply