Players (2012) | රත්තරන් ද…ජීවිතේ ද… ?

Players (2012) | රත්තරන් ද…ජීවිතේ ද… ?


ඔයාලාට ඔන්න මම අද මගේ 3වෙනි පෝස්ට් එකත් අරගෙන ආවා. මුලින් දාපු 2ම දමිල බයිස්කෝප් නේ, ඔන්න මම අද අරගෙන ආවා හින්දි බයිස්කොප් එකක්. ඔයාලා RACE, 36 CHINA TOWN එහෙම බලලා තියනවා කියලා මම හිතනවා, මොකද ඒ ෆිල්ම් හදපු කට්ටියම තමා මේකත් හදලා තියෙන්නෙ. අබ්බාස්, මුස්තාන්ලාගේ තමා මේ මූවී එකත්, මේකේ ඉන්න නළු නිළි සෙට් එක ගත්තොත් ඉන්දියවෙ ඉන්න සුපිරිම නලු නිළි සෙට් තමා රඟපාන්නේ. අභිශේක්, බොබී ඩියෝල්, බිපාෂා බාසු, සෝනම් කපූර් වගේ සුපිරිම කට්ටියක් තමා මේකෙ ඉන්නෙ.
අපි දැන් යමු කථාව පැත්තට, මේ කථාවේ ඉන්නවා සුපිරිම හොරු සෙට් එකක්. ඒ හොරු වටා තමා කථාව යන්නේ. පොඩි පොඩි හොරකම් කීපයක් කරලා මේ චාලී හෙවත් අභිෂේක් ලෑස්තිවෙනවා ලොකූ රත්තරන් හොරකමකට. මේකෙදි එයාත ඕන වෙනවා ලෝකේ ඉන්න දක්ෂම කන්ඩායම. ඉතින් යාළුවනේ මෙයා හොයගන්නවා හොඳම Playersලා සෙට් එක. මේකට එයාට උදව් කරන්නෙ මෙයාලාගෙ ලොකුම මොලකාරයා. හැබයි මෙයා ඉන්නෙ හිරගෙදර. ඇත්තටම මෙයාලාට මොකටද මේ රත්තරන්?? කණ්ඩායමේ සාමාජිකයන්ටනම් එයාලගේම සිහින තියනවා සැබෑකරගන්න. ඒත් චාලී ගේ අරමුණ හුඟාක් හොඳ එකක්. ඉතින් බලලම දැනගන්නකො මොකක්ද චාලී ගෙ අරමුණ?, කොහොමද මෙයාලා රත්තරන් හොරකම් කරන්නේ? කොහොමද කණ්ඩායම හදාගන්නේ? ඒ වගේම මෙ කණ්ඩායමේ එකමුතුකම, සමගිය, සහ එයාලගේ වැඩ කිඩ ටිකත් බලලම දැනගම්මු.
ඒ වගේම මේකෙ සුපිරි සින්දු ටිකකුත් තියනවා. ලස්සන ආදර කථාවකුත් මේ සටන් අස්සේ ඇදිල යනවා. කොටින්ම කියනවානම් මේක සුපිරි ෆිල්ම් එකක්, හැබයි යාළුවනේ මේක හොලිවූඩ් ෆිල්ම් එකක කොපි එකක් වගේ, ඒ උනාට කථාවනම් සුපිරි. කථාව ඉවරවෙනකන්ම අපිට හිතාගන්නවත් බෑ මෙ රත්තරන් කොහෙද තියෙන්නෙ කියලා. අන්තිම වෙනකන් හිතාගන්න බෑ කව්ද ද්‍රෝහියා කියලා. ඉතින් බලලාම කියන්නකො ෆිල්ම් එක හොඳද කියල!!
එහෙනම් යාළුවනේ මම 4වෙනි පෝට් එකත් අරගෙන ඉක්මනටම එන්නම්. එතකල් ඔයාලාට ජයෙන් ජය!!

982 MB කොපිය මෙතනින් බාගන්න

700 MB කොපිය මෙතනින් බාගන්න

546 MB කොපිය මෙතනින් බාගන්න

(ඉංග්‍රිසි උපසිරැසි අන්තර්ගතයි)

 

Leave a Reply