Badrinath (2011) | ආගමයි, නීතියයි, ආදරයයි

Badrinath (2011) | ආගමයි, නීතියයි, ආදරයයි

හලෝ යාලුවනේ කොහොමද ඉතින් ඔයාලට. මම නම් මේකට අලුතෙන් තමයි එක් උනේ. අලුතෙන් කිව්වට මම හුඟාක් කල් ඉඳලා මේ සයිට් එකෙන් බයිස්කෝප් ඩව්න්ලෝඩ් කර ගන්නවා. ඉතින් මට හිතුනා හැමදාම මම අරගෙනම හරියන්නෙ නෑ, මමත් මොනවා හරි දෙන්න ඕනි කියලා. ඉතින් ඔන්න මමත් අරගෙන ආවා සුපිරිම සුපිරි බයිස්කෝප් එකක්. අපේ සයිට් එකෙ දෙමළ, තෙළිගු බයිස්කොප් පළවෙනවා අඩුයි නේ ඒක හන්දා මම තීරණය කලා ඔයාලට දෙන්න තෙළිගු චිත්‍රපටියක්. ඉතින් යාලුවනේ මම බලපු සුපිරිම එකක් තමා මම මගේ පළවෙනි ලිපිය හැටියට ගේන්නේ.
මේක ටිකක් Magadheera movie එක වගේ. එහෙම කිව්වාට ආත්ම දෙකක කතාවක් නම් නෑ. ඒ උනාට මේකත් ඒ වගේම සුපිරි කතාවක්. දැන් ඉතින් පම්පෝරිය ඇති. අපි දැන් යමු කතාවට , මේ කතාව පටන් ගන්නෙ ඉන්දියවේ ලොකු ලොකු පූජනීය දේවස්ථාන එක එක අය විනාශ කරන හැටි කාටූන් විදිහට පෙන්නමින්. ඉතින් මේ විනාශය ගැන කතා කරන්න එක තැනකට පූජකවරු එකතු වෙනවා. මෙතැනදි එක එක විසදුම් දෙනවා. ඒත් ඒ එකක්වත් හරියන්නෙ නෑ කියලා එක පූජකවරයෙක් පෙන්නල දෙනවා. ඔන්න ඔහොමතමා කතාව පටන් ගන්නෙ. ඊට පස්සෙ ඉන්දියවෙ ඉන්න පාරම්පරික සටන් කලාව දන්න භීෂ්ම නාරායන කියලා පූජක වරයෙක් ගාවට ගමේ ඉන්න ලමයි ටික යවනවා පුරුදු පුහුනු වෙලා ඒ ඒ දේවස්ථාන ආරක්ෂා කරන්න. එත් මේ ලමයි අතරේ අපි හොයන අපේ වීරයා “බද්‍රි” නම් නෑ. එයා ඉන්නෙ ඒ භීෂ්ම නාරායන ඉන්න දේවස්ථානය (තක්ශිලාව) ගාව තියන පොඩි ගම්මානයක. කතාව බලලම දැන ගන්නකෝ අපේ වීරයා කරලියට එන්නෙ කොහොමද කියලා.
ආහ්! මට කියන්න අමතක උනා නෙ, මේ බයිස්කෝප් එකෙ සුපිරි සටන් වගේම ලස්සන ආදර කතාවකුත් යනවා. තමන්ගේ ආදරේ රැකගන්න කෙල්ල දුක් විදින හැටිත් ,ඒක කොල්ලාට කියාගන්න බැරිව අන්තිම මොහොත දක්වා දුක් විඳින හැටිත් ඔයාලට බලලම දැනගන්න පුලුවන්. මොකද කතාවක් බලන්න කලින් කතාව කිව්වහම ඒකෙ කිසිම ගතියක් නෑනේ. ඊට අමතරව මේකේ ලස්සන සින්දු ටිකකුත් තියනවා
මේකෙ ඉන්න නළු නිළියො ගැන කිව්වොත් අපේ වීරයා විදිහට ඉන්නෙ “Allu Arjun”. නිළියට ඉන්නෙ “Tamannah”, භීෂ්ම නාරයනට ඉන්නෙ “Prakash Raj”, ඒ වගේම ඉන්දියාවේ ප්‍රසිද්ධම නළු නිළි සෙට් එකක් තමා මේකෙ ඉන්නෙ. මේක හදන්න වියදම ගිහින් තියනවා ඉන්දියන් රුපියල් කෝටි 35ක්. මේ චිත්‍රපටිය මිනිත්තු 140 ක කාලයක් ධාවනය වෙනවා. ඒ වගෙම මේක ලියල තියෙන්නෙ Chinni Krishna, කියලා රචකයෙක්. නිෂ්පාදනය හා අධ‍ය්‍යක්ෂණය Allu Aravind හා V. V. Vinayak. ඒ වගෙ මේකට IMDb ratings 5.3/10 ක් හම්බෙලා තියනවා
එහෙනම් ඉතින් ඔන්න මම මගේ පළවෙනි ලිපිය ලිව්වා. තව ඉස්සරහට මම තව හොඳ බයිස්කොප් ටිකක් අරගෙන එනකන් ඔයාලට ජය!!!! පුලුවන් අය කමෙන්ට් එකකුත් දාලයන්න අමතක කරන්නෙපා!!!
ප:ලි : මට මේ ලිපිය ලියන්න ගොඩක් උදව් කලේ සයිට් ඇඩ්මින් වාසල සහෝදරයා. (මම ලිපියක් ලියන්න ඕනෙ කියල මේල් එකක දැම්මහම මාව සාදරයෙන් පිලිඅරගෙන මට නොදන්නා දේ කියලා දුන්නා) ඔබට බොහොම ස්තූතියි සහෝ…

චිත්‍රපටය මෙතනින් බාගන්න

(ඉංග්‍රිසි උපසිරැසි අන්තර්ගතයි)

 

Leave a Reply