Saints And Soldiers (2003) | තවත් අතුරු කතාවක්. [සිංහල උපසිරැසි සමඟින්]

Saints And Soldiers (2003) | තවත් අතුරු කතාවක්. [සිංහල උපසිරැසි සමඟින්]



දෙවන ලෝක යුද්ධ කාලෙ ගැන කියවෙන චිත්‍රපට සෑහෙන සංඛ්‍යාවක් තිබුනත් තව තවත් චිත්‍රපට බිහිවෙන්නෙ ඒ තරම්ම අතුරු කතා බොහොමයක් ඒ සමඟ බැඳිලා තියෙන නිසයි. අහන්නත් දෙයක් යැ ලෝක යුද්ධයක් කිව්වම සෑහෙන ප්‍රදේශයක පැතිරුණු නිසා සිදුවුණු දහසකුත් එකක් සිදුවීම් පාදක කරගෙන තවත් චිත්‍රපට ඉස්සරහට බිහිවේවි.

සම්මාන 16ක් දිනපු IMDB ශ්‍රේණිගත කිරීම්වල 7.0/10 ගත්තු මේ චිත්‍රපටිය ගැන කියනවනම් මේ චිත්‍රපටියට පාදක වෙලා තියෙන්නෙ 1944 දෙසැම්බර් 17 සිදුවූ Malmedy සංහාරය නැමැති සිදුවීම ආශ්‍රිත සිදුවීම් පෙළකුයි. එහිදී ජර්මානු හමුදාවට කොටුවන ඇමෙරිකානු සෙබලුන් 90 කට අධික ප්‍රමාණයක් යුධ සිරකරුවන් ලෙස රැගෙන යන විට ඇතිවන නොසංසුන්තාවයක් නිසා, ජර්මන් හමුදා අතින් මැරුම් කනවා. ඒ අතර සෙබලුන් කිහිප දෙනෙක් පණ බේර ගන්න සමත් වුනත් ඔවුන් තවමත් සිටින්නේ ජර්මානු ආරක්ෂක වළල්ල ඇතුලතයි. ඉතින් ඔවුන් මිත්‍රපාර්ශවික හමුදා සීමාවට යෑමට ජර්මන් ආරක්ෂක වළල්ලේ දුර්වල ස්ථානයක් සොයා සීමිත උණ්ඩ සහ එක තුවක්කුවක් සමඟ පලා යෑමට උත්සහ කිරීමේදී ඉතා වටිනා බුද්ධි තොරතුරක් සමග පියාසර කරන බ්‍රිතාන්‍ය යානයක් කඩාවැටීමකට ලක්වී එහි නියමුවාත් ඔවුන්ට හමු වෙනවා. ඔවුන් කණ්ඩායම පණ බේරාගැනීමට දරණ උත්සහය තමයි මෙහි කතා තේමාව වන්නේ. මම ස්තූතිවන්ත වෙනවා සරදියල් සහෝදරයට මේ චිත්‍රපටිය මට හඳුන්වලා දුන්නට.

ඉතින් සිංහල උපසිරැසිත් සමඟ කතාව රසවිඳින්නට මම ආරාධනා කරනවා. ඔන්න අමතක නොකර කමෙන්ට් කරලා යන්න කියලත් ඉල්ලනවා.
ඔබට ජය!!මම චාමික


චිත්‍රපටය මෙතනින් බාගන්න!

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න!

Leave a Reply