Schindler’s List (1993) | කවුරුන් හෝ එක් ජීවිතයක් බේරාගත්තොත්.. ඔහු මුළු ලෝකයක්ම බේරාගත්තා වැනිය..

Schindler’s List (1993) | කවුරුන් හෝ එක් ජීවිතයක් බේරාගත්තොත්.. ඔහු මුළු ලෝකයක්ම බේරාගත්තා වැනිය..



නාසි කදවුරු තුල සිදුවු යුදෙව් සංහාරය… මිලියන 6 කට අධික යුදෙව් ජාතිකයන් මෙලොවින් තුරන් කලේ කෙසේද ? හිතන්න.. මිලියන 6 ක්? මේ අමානුෂික නාසි හමුදාවෙන් එක් යුදෙව්වෙක් හෝ බේරගන්න පුලුවන් වුනොත්? එතකොට 1200 බේරගන්න පුලුවන් වුනොත්..? මේ මහා පුණ්‍යකර්මය කරපු මිනිසා කවුද ? එය කලේ කොහොමද යන්න දැනගන්න මේ පට්ටම චිත්‍රපටිය බලන්න..

අතිවිශිෂ්ට නිර්මාණකරුවා Steven Spielberg අතින් නිමවුනු මේ නිමැවුම Imdb ratings 8.9/10 ලබාගන්නා අතර ලොව හොදම චිත්‍රපටි අතර 6 වන තැන උසුලයි. ඒවගේම ඔස්කාර් සම්මාන 7 ක් දිනාගෙන තියනවා. එම වසරේ හොදම චිත්‍රපටියට හිමි ඔස්කාර් සම්මානයත් ඒ අතර තියනවා..

Oskar Schindler යනු යුදෙව්වන්ගේ ශ්‍රමය මගින් ධනවතකු වු පුද්ගලයෙක්. ඇලුමිනියම් භාණ්ඩ නිශ්පාදනයෙන් පටන් ගන්නා මොහු උණ්ඩ නිශ්පාදනය දක්වා යයි… මේ අතර යුදෙව් සංහාරය ඇරෙබෙන අතර ඔහු තමා ඉපැයු මුදල් , තමන්ට ඇති ඉහල සබදතා මේ සියල්ල උපයෝගි කරගනිමින් තම යුදෙව් අයකැමි සමග එක්ව මිනිසුන් 1200 වෙනුවෙන් කරන මේ මෙහෙයුම.. මිනිසුන් බේරාගන්නා අයුරු.. ඔවුන්ට දක්වන මානුෂික දයාව… කිසිදු වැඩකට නැතැයි කියමින් මරණයට ගෙනයන අහිංසක දරුවන් බේරාගන්න අයුරු…අපූරුයි. මම කතාව කියන්නෙ නම් නෑ… මොකද ඒක රසවින්දනයට බාධාවක් වේවි…



නමුත් අවසන් භාගය ඇසට කදුලක් නංවනු නිසැකයි. රුසියාව නැවත ජර්මනිය ආක්‍රමනය කරන මොහොතේ Oskar පැනයන විට තමන්ගේ ජීවිතය බේරු තම ස්වාමියාට යුදෙව්වන් කෘතගුණ සලකන අයුරු…. Oskar තමන්ට තවත් ජීවිත බේරාගැනීමට තිබු අවස්ථා ගැන සිතමින් කම්පාවීම… ඇත්තටම විස්තර කල නොහැකි මොකක්දෝ හැගීමක් ඇතිවෙනවා…

ඇත්තටම මෙය මනුෂ්‍යත්වය හා අපි හැමෝම මිනිස්සු නේද ? කියා සිතීමට මිනිසා යොමු කරන අතිසාර්ථක නිර්මාණයක්.. කලු සුදු නිසා නොබල ඉන්න නම් හිතන්න එපා.. මොකද වර්ණ තාක්ෂණය තියන කාලෙක මේක කරලා තියෙන්නේ… කලු සුදු යොදාගැනීමෙත් විශේෂත්වයක් තියනවා… 100% ඇත්ත කතාවක් ඒ නිසා අනිවා බාගෙන බලන්න…
ඔබට ජය!!මම චාමික


මෙන්න මෙතනින් බාගන්න!




Leave a Reply