AVP: Alien vs. Predator (2004) | මානව ශිෂ්ඨාචාරයේ සැඟවුනු අභිරහස [සිංහල උපසිරැසි සමඟ]

AVP: Alien vs. Predator (2004) | මානව ශිෂ්ඨාචාරයේ සැඟවුනු අභිරහස [සිංහල උපසිරැසි සමඟ]




ඔන්න නැන්දෙ මාමේ අයියේ අක්කේ නංගියේ මල්ලියේ මං උපසිරසි දාපු තවත් චිත්‍රපටයක් තමයි මේ තියෙන්නෙ. ඉස්සල්ලාම කියන්න ඕනී මගේ ඉල්ලීම පිළිඅරගෙන මගේ උපසිරැසි බාර ගත්ත සිංහල මීඩියාTube කණ්ඩායමට ගොඩක් ස්තූතියි, ඒ වගේම පිං. මොකද මං ගොඩක් ආසාවෙන් හිටියා මගේම කියල සබක් බයිස්කෝප් වෙබ් අඩවියට ලබා දෙන්න. ඉතින් දැන් ඒ හීනෙ හැබෑ උනා. මාත් ඔය ගොඩක් කට්ටිය වගෙ බයිස්කෝප් වෙබ් අඩවියට ඇවිත් සබ් ෆයිල් බාගෙන ගෙදර තියාගත්තා මිසක් comment එකක් දාන්න තරංවත් කාරුණික උනේ නෑ. පස්සේ මටම හිතුනා මේ වැඩේ හරි නෑ කියලා, මොකද… අපිට මේ වගෙ ෆිල්ම් එකක උපරිම රසාස්වාදයවාදය විඳිමින් බලන්න පුලුවන් දේවල් මේ වගේ වෙබ් අඩවියකින් දෙද්දි අපිත් අපිට පුලුවන් විදිහට අපේ සිංහල මීඩියාTube වෙබ් අඩවියට අත්වැලක් දෙන්න ඕනි කියල මට හිතුන. ඒක හින්දා තමයි ඊමේල් එකක් මාත් සිංහල මීඩියාTube වෙබ් අඩවියට එව්වේ සබක් එවන්නද කියල අහල. ඉතිං ඒකට උත්තරයක් විදිහට අපේ සිංහල මීඩියාTube කණ්ඩායමෙන් කියල තිබුනා සබ එවන්න කියල. එදා මට දැනිච්ච සතුටට මං මුලු ගෙදරම දෙවනත් වෙන්න කෑ ගෑහුව. හා…. දැන් මං මගෙ පම්පෝරිය නවත්තන්නං.

ඇත්තටම මේ ෆිල්ම් එකෙන් දිගහැරෙන්නෙ ඇන්ටාක්ටිකාවෙ සිදුවන අබිරහස් සිදුවීමක් හොයන්න යන සල්ලිකාර මහත්මයෙක් සහ ඔහුගේ පිරිස වටා. මේකෙදි ඒගොල්ලො තාමත් වර්තමාන මානව විද්‍යාව පිළිබඳ ප්‍රවීනයන්ට හොයාගන්න නොහැකි වූ දෙයක් හොයාගන්නව. හොඳම දේ තියෙන්නෙ ඒකට Aliens ලයි Predators ලයි සම්බන්ධ වීම. ඔව්න් මුලින්ම හොයාගන්නෙ ඇන්ටක්ටිකාවෙ අයිස් තාට්ටුවක් යට හදපු පිරමීඩයක්. ඊට පස්සෙ ඒක හොයාගෙන ගිහින් ඒක අස්සට යන ඔවුන්ට ජීවිතේ හීනෙකින් වත් නොසිතූවිරූ අත්දැකීම් සමුදායකට මුහුණ දෙන්න සිද්ද වෙනව. ඒ ගොල්ලන්ට මුහුණ දෙන්න සිද්ද වෙන අකරතැබ්බ මලජංජාල ටික තමයි ඔය සුපිරි ෆිල්ම් එකේ දිගහැරෙන්නෙ. වැඩිය කිව්වොත් මෙලෝ රහක් නෑනෙ. ඕගොල්ලොම ඕක බලන්නකො.

මේක අධ්‍යක්ශණය කරල තියෙන්නෙ Paul W.S. anderson. නිෂ්පාදණය කරල තියෙන්නෙ Jhon Davis. සංගීතය සපයල තියෙන්නෙ Harald kloser. රඟපෑමෙන් Sanna Lathan, Raoul Boya, Lance Henriksen, Enen Bremner වගේ සුපිරි නලු නිලි රැසක් මේ වැඩේට එකතුවෙලා ඉන්නව. මගේ අදහසනම් මේක සුපිරි ෆිල්ම් එකක්.

අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ අපි හැමෝම මේ දේවල් කරන්නෙ කිසිම මූල්‍යමය වාසියක් බලාපොරොත්තුවෙන් නෙවෙයි. අපි මේක කරන්නෙ සුද්දන්ගෙ මෙලෝ කුනුහරපයක් තේරෙන්නේ නැති “බස බස” සද්දෙ අතහැරල ෆිල්ම් එකක උපරිම රසාස්වාදයක් ඕගොල්ලොන්ට ලබාදෙන්න. මේ වැඩේ කරපුවම ඇත්තටම හිතට දැනෙන සතුට……මට නං කියල නිම කරන්න බෑ. :)

ඒක හින්ද ෆිල්ම් එක බලලා වැඩේ හොඳනං comment එකක් දාන්න අමතක කරන්න එපා. මේක මගෙ පළවෙනි සබ හින්දා පොඩි පොඩි අතපසුවීම් තියෙන්න පුළුවන්. මං ඒවට ඕගොල්ලන්ගෙන් සමාව ඉල්ලනව. ඕගොල්ලො comment එකක් දැම්මොත් ඒක මගෙ ඊලඟ උපසිරෑසට ලොකු ශක්තියක් වෙයි. එහනෙං මං නවතිනව. ඕක එල ෆිල්ම් එකක්. ඕගොල්ලො හැමෝම බලන්න.



චිත්‍රපටය මෙතනින් බාගන්න

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න

Download Sinhala Subtitles

නිවැරදි කරන ලද සිංහල උපසිරැසි මෙතනින් බාගන්න


Leave a Reply