The Twilight Saga Breaking Dawn Part 1 (2011) | අමනු‍ෂ්‍ය ආදරයක අතුරුඵල… [සිංහල උපසිරැසි සමඟ]

The Twilight Saga Breaking Dawn Part 1 (2011) | අමනු‍ෂ්‍ය ආදරයක අතුරුඵල… [සිංහල උපසිරැසි සමඟ]



කාලෙකට පස්සෙ ආපහු සිංහල උපසිරැසි චිත්‍රපටියක් අරගෙන ආවා. ඒත් කෙටියෙන්ම කියනවනම් මේ කතා මාලාවේ මුලින් තිබ්බ ගතිය නම් දැන් එන්න එන්න අඩුවෙනවා කියලා මට හිතෙනවා. ඒත් ඉතින් කලින් වෙච්ච පොරොන්දු ඉටුකරන්න ඕනනේ. ඒ නිසා අධික කාර්යය බහුලත්වය එක්ක වුනත් සිංහල උපසිරැසි යොදලා ඔයාලා වෙනුවෙන් මේක අරගෙන ආවා.

මේ කතා මාලාවෙ අවසන් පොත කොටස් දෙකකට නිපදවන්න තීරණය වෙලා තියෙන නිසා මේ අවුරුද්දෙ අවසාන බාගය වෙනකම් ඉන්න වෙනවා සම්පූර්ණ කතා මාලාවෙ අවසානය දකින්න නම්. බෙලා ස්වෝන් ට එඩ්වඩ් කලන් කියන වැම්පයරයා හමුවීම Twilight (2008) චිත්‍රපටයෙන්ද, තම යහලුවා වෙච්ච ජේකබ් වෘක මිනිසෙක් බව දැනගැනීම හා ඔහුගේ ආදරයත් බෙලා මැදිවීම New Moon (2009) චිත්‍රපටයෙනුත් ඔවුන් අතරින් එඩ්වඩ් ව තම සහකරු ලෙස තෝරාගැනීම The Twilight Saga: Eclipse (2010) චිත්‍රපටයෙනුත් ඔයාලා දකින්න ඇතිනේ. ඔය චිත්‍රපට තුනෙන් පළමු එක ඇරෙන්න අනික් දෙකම මට උපසිරැසි එක්ක දෙන්න ලැබුනා. මේ කොටසෙන් කියවෙන්නෙ ඔවුන් දෙදෙනාගේ විවාහය හා ඉන් පසුව සිදු වෙන අනපේක්ෂිත සිදුවීමක් ගැනයි.

මේ කතාමාලාවට කැමති අයනම් ආසාවෙන් නරඹයි කියලා හිතනවා.මා වෙත සුබ පැතු ඔබ සියළු දෙනාටම හෘද්‍යාංගම ස්තූතිය පලකරනවා. නැවත හමුවෙමු…… :) මම චාමික



708 MB කොපිය මෙතනින් බාගන්න

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න

350 MB කොපිය මෙතනින් බාගන්න

(සිංහල උපසිරැසි අන්තර්ඝතයි)

Leave a Reply