Transformers: Dark of the Moon (2011) | අඳුරු කොනේ සැඟවුනු අභිරහස

Transformers: Dark of the Moon (2011) | අඳුරු කොනේ සැඟවුනු අභිරහස



කට්ටියට මාව මතකද මන්දා? ඔන්න කාලෙකට පස්සෙ ආපහු සිංහල මීඩියාTube අඩවිය එක්ක සම්බන්ධ වෙනවා. කවුරුත් බලාගෙන හිටපු චිත්‍රපටියක් තමා ඔන්න අද මම අරගෙන ආවේ. මේකේ පළවෙනි හා දෙවෙනි කොටස් දෙක කවුරුත් බලලා ඇතිනේ. මේ කොටසේ අධ්‍යක්ෂණය Michael Bay වගේම නිෂ්පාදනය Steven Spielberg ගෙන්.

මේකට මුල් වෙන්නෙ ඇමෙරිකාවෙ නාසා ආයතනය විසින් මිනිසා මුලින් සඳට යැවීමෙ මෙහෙයුම මත පදනම් වෙච්ච තවත් කතාවක්. මේ කථාවට අනුව Cybertronian ලෝකයේ යුද්ධයෙන් පැරදී එන විටදී තම ලෝකය නැවත නිර්මාණය කිරීමේ රහස් රැගත්
යානයක් එම ග්‍රහලොවෙන් පිටවෙනවා. එහෙත් ඒක සඳ මතට කඩා වැටෙනවා. මේක වටෙන්නෙ සඳේ සදාකාලික අඳුරු පැත්තට. ඊට පස්සෙ මේක නිරීක්ෂණය කරන ඇමෙරිකානුවන් රැසියාවට කලින් මේ රහස් දැනගැනීමට හඳට මිනිසා යැවීමට මූලිකත්වය දෙනවා. එහෙදී ඔවුන්ට යානය හමුවෙන අතර එයින් කොටස් විවිධ අවස්ථාවල රැගෙන එනවා. නමුත් මේ බව දැන ගන්නා Autobots ලා නැවත එම යානයට ගොස් එහි නියමුවා වගේම ඔවුන්ගේ ගුරුවරයාව නැවත රැගෙන පැමිණ ඔහුට පණ දීමට අදහස් කරනවා. මෙයින් පසු සියල්ල කණපිට හැරෙනවා.

ඉතිරිය ඉතින් බාගෙනම බලන්න. හැබැයි මට නම් දැනුනු දෙයක් තමයි පළවෙනි කොටස් දෙකටම වඩා මේක ටිකක් අසාර්ථක බව. සද්ද බද්ද තිබ්බට පලවෙනි ඒවල තිබ්බ ගතිය මේකෙ නැහැ කියලා හිතෙනවා. ඒත් ඒ මටනේ. ඔයාලත් බාගෙන බලන්නකෝ….
ඔබට ජය!! මම චාමික


744MB කොපිය මෙතනින් බාගන්න!

(ඉංග්‍රිසි උපසිරැසි අන්තර්ගතයි)

475MB කොපිය මෙතනින් බාගන්න!

ඉංග්‍රිසි උපසිරැසි මෙතනින් බාගන්න!




Leave a Reply