In Time (2011) | කාලය රන් හා වටියි [සිංහල උපසිරැසි සමඟ]

In Time (2011) | කාලය රන් හා වටියි [සිංහල උපසිරැසි සමඟ]





කාලය කොතරම් අපුරු නිර්මාණයක්ද? අපිට ලොකයේ උත්තර
නැති ප්‍රශ්න වලට කොතෙකුත් උත්තර සෙවිමට අපි උත්සහා කොට ඇද්ද? නමුත් ලැබුනු උත්තරයක් නම් නැති තරම්ය. කාලයත් එක උත්තරයක් නැති ප්‍රශ්නයකි. මිතුරනෙ, මේක කාලය අලලා නිමවුනු බොහොම හොඳ නිර්මාණයකි. ජර්ස්ටින් ටිම්බලෙක් (justin timberlake) තමයි මෙකෙ ප්‍රධාන චරිතයට පණපොවන්නෙ. මේ වසරේ ඔහු රංගනයෙන් දායකවුනු තුන් වන චිත්‍රපටියයි මේ. මම අදරේට මිනිහට ටිම් බෙලෙක්ක කියන්නෙ. ඔයගොල්ලො එහෙම කියනවා නෙමෙයි. තවද ඇමෙන්ඩා ෆයිඩ් රයිස් (Amanda Seyfried)ත් මෙකෙ ඉන්නවා. මෙකත් මම අදෙරෙට කියන නමක්. අනෙ මන්දා ආදරෙ වැඩිද මන්දා කට්ටිය මෙයාටනම් ගොඩක් කැමතිවෙයි. මොකද මිට ඉහත පැමිනි Mamma Mia (2008), Jennifer’s Body (2009), Red Riding Hood (2011) යන චිත්‍රපටිවල මැය විසින් ප්‍රධාන චරිත කරලා තියනවා. ඒවගෙම අවුරුදු 11ක් වගෙ පොඩි වයසෙදි තමයි මැය රංගනයට එකතුවෙන්නෙ. ටිම්බෙලෙක්ක විල් සාල්ස් ලෙසත් සේෆර්යිඩ් සිල්වියා වෙයිස් ලෙසත් මෙ නිර්මාණයට දායකත්වය ලබාදෙනවා.

මේකෙ ප්‍රධාන මතෘකාව කාලය වුනාට තව බොහොමයක් දේ පිලිබඳව හිතන්න ඉතුරු කරනවා. විශේෂයෙන්ම අනුන් වෙනුවෙන් ජිවත්වෙන අකාරය හොඳට මේක හරහා කියලා දෙනවා.

මේකෙ කතාව කියන්න කලින් මේක පිලිබඳව යම් දැනුවත් කිරිමක් කලයුතුයි සිතනවා. මොකද නැතිනම් ටිකක් තෙරුම් ගන්න අමාරුයි. මම මෙහෙම පටන්ගන්නම් කො….. අපි වෙළඳසැලකට ගොස් යම් භාන්ඩයක් ගෙන එහි සදහන් මිල ගෙවිමට භාවිතා කරන්නෙ මොනවාද. මම ඔය ගොල්ලන්ගෙන් මෙක අහන්නෙ. මට කියන්න බලන්න. ආ හරි මට ඇහුනා මුදල්. ඔව් ඔබේ පිලිතුර නිවරදියි. නමුත් මේ චිත්‍රපටියෙ පැහැදිලිම ඒක වෙනස්. උදාහරණයක් වශයෙන් වර්ථමාන ලෝකයෙදි අපි දුරකතන ඇමතුමක් ගැනිමට කාසි ඇතුලත් කරන දුරකතන යන්ත්‍රයක් (Phone booth)වෙත ගිය පසු ඇතුලත් කල යුතු කාසි ප්‍රමාණයක් පෙන්වනවා. 2කෙ කාසි කියද 5හෙ කාසි කියද කියලා. ජංගම දුරකථන් පවිච්චි කරන අය නම් මෙක දන්නෙ නැතිව ඇති. මගෙ හිතේ මේ චිත්‍රපටියෙදි මෙක වෙන්නෙ මෙහෙමයි. දුරකතන ඇමතුමක් ගන්න ගියාහාම අපි සල්ලි වෙනුවට මිනිත්තුවක කාලයක් ඇතුලත් කල යුතුවෙනවා. දැන් ටිකක් විතර කට්ටියට තේරෙනවා ඇති මගෙ හිතෙ. එවාගෙම බැංකු වලින් ණය ලෙස ලබාදෙන්නෙ දින, මාස, අවුරුදු වෙන අතරම පොලී වශයෙන් අයකරන්නෙත් පැය, දින, සති වශයෙන්. මේකෙ කතානායකයා විල් මම කලින් ඔහුව හඳුන්වා දුන්නානෙ. ඔහු ජාන තාක්ෂණයට අනුව නිපදවු අයෙක්. ඔහු විතරක් නෙමෙයි. මේ කතාවෙ හැමොම එහෙමයි, අවුරුදු 25ක් පිරෙනෙකන් බොහොම නිදහසෙ සතුටින් ජිවත් වෙන්න ඔබට පුලුවන්. 25 පිරුන ගමන් ඔබට ජිවත් වෙන්න ලැබෙන්නෙ අවුරුද්දක කාලයක් විතරයි. හැබයි මෙහි කාලයෙහි අවමය 0000:0000:0000:0000 මෙලෙස පෙන්වුද උපරිමයක් නැහැ. ඒකියන්නෙ අමරනියත්වය කරා ඔබට ගමන් කල හැකියි. විල් ගෙ අවුරුද්ද ඉවරයි. දැන් ඔහු ජිවත්වෙන්නෙ දිනයක් දිනයක් පසා. ඔහුගෙ මවට අවුරුදු 50යි. ඇයගේ චරිතයට රංගන දායකත්වය දෙන්නෙ Olivia Wilde විසින්. මොකක් !! මොන පිස්සුවක්ද මේ… Olivia Wilde කොහොමද justin timberlake ගෙ මවගෙ චරිතය කරන්නෙ..? මොකද ඇය ඔහුට වඩා බාලයිනෙ. එක කොහොමද කට්ටියට දැනෙන්නෙ ? ඇත්තෙන්ම වයස 25 පිරුනු තැන සිට කාලය ගෙවුනද අපගෙ රුපය වෙනස් නොවි තියෙනවා. අන්න එහෙමයි එක වෙන්නෙ,

මෙකෙ කතාව ටිකක් දිගයි. කියන්න අමාරුයි. ඒ හින්දා තමයි සිංහලෙන් වචන දැම්මෙ. එවාගෙම බොහොම සරල ලෙස මෙහි දෙබස් මා විසින් සකසා තිබෙනවා. මොකද මෙහි ඇති සංකිර්නත්වය ඉහටත් උඩින්. කාලයට මොනතරම් දෙවල් කල හැකිද, මොනතරම් දෙවල් වෙනස් කල හැකිද යන්න මේ නිර්මාණය නරඹද්දි ඔබට තෙරුම් යාවි. කතාවක් තියෙනවා ගෙවෙන හැම තත්පරයක්ම බිමට වැටෙන වතුර බිංදුවක් වගෙයි කියලා. නැවත ලබා ගැනීමක් නෑ. අද ඉඳලවත් බයිස්කෝප් බලන කට්ටියවත් හිතට ගන්න ගෙවෙන කාලයෙන් මොනවා හරි ප්‍රයොජනයක් ගන්න. එහෙනම් මගෙ වෙලාවත් ඉවර වේගෙන එනවා. දැනට සමුගන්නම්…



700 MB කොපිය මෙතනින් බාගන්න
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
305 MB කොපිය මෙතනින් බාගන්න
(සිංහල උපසිරැසි අන්තර්ඝතයි)

Leave a Reply