බ්‍රහ්ම දණ්ඩනය

එක් විවාහක යුවලක් වෙනදා වගේම එදත් මොකක්දෝ ප්‍රශ්ණෙක පැටළුණා. මෙදා පොටේ නම් බේර ගන්න බැරි තරමටම රණ්ඩුව දුරදිග ගියා. අන්තිමටම දෙන්නට දෙන්නා කියා ගත්තා ආයෙත් නම් කතා නොකරන බවට.
එයට ටික වේලාවකට පස්සෙයි මහත්තයට මතක් වුණේ ඊළඟ දා උදේ පාන්දර ෆ්ලයිට් එකෙන් ව්‍යාපාරික කටයුත්තකට විදේශ ගත විය යුතු බව. යටත් වීමට අකමැති වූ ඔහු තුණ්ඩු කෑල්ලක මෙසේ ලිව්වා “හෙට උදේ පහට මාව ඇහැරවන්න.” මෙය බිරිඳ නිතරම බලන තැනක තැබූ ඔහු නින්දට ගියා.
අපොයි. ඊළඟ දා ඔහු ඇහැරෙන කොට උදේ නවයත් පහු වෙලා. ඔහුගේ මේසය උඩ තුණ්ඩු කෑල්ලක් දැක ඔහු එය අතට ගත්තා.
“පහයි. ඇහැරෙන්න.”



ඔබට ගෙන අවේ චාමික

This entry was posted in

Leave a Reply