තොල් සායම්

මේක එක්සත් ජනපදයෙ වෙච්ච කතාවක්. ම්ට ලැබුණු ඊ-මේල් එකකයි තිබුණෙ.
එක කාන්තා විද්‍යාලෙක ගැහැණු ළමයි පිරිසක් හැමදාම තද රතු ලිප්ස්ටික් ගාන්න පටන් අරන් විදුහල්පතිණියට හරි කරදරේ. මොකක්ද ඒකෙන් විදුහල්පතිණියට වෙච්ච කරදරේ ? මේ දැරිවියො ටික ලිප්ස්ටික් ගාල නිකං ඉඳල නෑ. Wash Room එකේ කණ්ණාඩියෙ තොල් සළකුණු තියල හැම දැරිවියක් ම.
හැමදාම ඒ කාමරය පිරිසිදු කරන සේවකයට මේ කණ්ණාඩිය සුද්ද කරන්න වෙලා. මේක හරි කරදරයක් නෙ. ඔහු විදුහල්පතිතුමියට පැමිණිලි කරල. ඒ පාර විදුහල්පතිතුමිය මේ දැරිවියන් ටික Wash Room එකට ගෙනල්ල, පිරිසිදු නොකළ මේ කණ්ණාඩිය පෙන්නල අවවාද කළාලු.
එතන අර Wash Room එක පිරිසිදු කරන සේවකයත් ඉඳළ. එයා කියල තියනව “ඕන්න බලා ගන්න, මම ඒ තොල් සායම් ලකුණු මකන හැටි.” කියල. ඉන් පස්සෙ ඒ සේවකයා කොස්ස එක් කොමෝඩ් එකකට දාල ඒ වතුර අර කණ්ණාඩියෙ අතුල්ලල ඒ ලකුණු මකල. ඊට පස්සෙ එක දවසක් වත් ඒ කණ්ණාඩියෙ ලිප්ස්ටික් ලකුණු තිබිල නෑ !
දැන් කවුද ගුරුවරයා ?

ඔබට ගෙන අවේ චාමික

This entry was posted in

Leave a Reply