තම තම නැණ පමණින්


ඔහු වීදියක් දිගේ ගමන් කරමින් සිටියේය. හදිසියේම ඔහුට හඬක් ඇසිණි. “තව අඩියක්වත් ඉස්සරහට තියන්න එපා. එහෙම කළොත් උඩින් වැටෙන ගඩොලක් ඔබ හිස මතටම වැටේවි.” ඔහු අඩිය පස්සට ගත්තේය. ඒ මොහොතේම ඔහු ඉදිරියේ ගඩොලක් බිම පතිත විය.
ඊළඟ දිනයේ ඔහු වීදියක් හරහා පනින්නට සැරසෙන විට නැවතත් අර හඬ ඇසිණ. “පනින්න එපා. ඔබ මේ මොහොතේ පාර පැන්නොත් වාහනයක් ඔබ යට කරගෙන යාවි.” ඔහු වහාම අඩිය පස්සට ගත්තේය. ඒ මොහොතේම ඉතා වේගයෙන් වාහනයක් වීදිය දිගේ ඉදිරියට ඇදී ගියේය.
“හැබෑට ඔබ කවුද ? ඇයි මගේ ජීවිතය දෙපාරක් ම බේරා ගත්තේ ? ” ඔහු ඒ හඬින් විමසීය. “මම ඔබේ ඉෂ්ට දේවතාවා” ඒ හඬ පිළිතුරු දුනි.
“ඈ බොල. තෝ කොහෙද මගෙ කසාදෙ වෙලාවෙ හිටියෙ ?”

ඔබට ගෙන අවේ චාමික

This entry was posted in

Leave a Reply