ලෝකේ ඉන්න හැම ගැනියෙක්ම එක වගේ නෑ.....


         ලෝකේ ඉන්න හැම ගැනියෙක්ම එක වගේ නෑ.....



    මගේ පළමු ලිපියෙන්ම මම කියන්න යන්නේ ලෝකේ හිටිය නරකම නරක ගැහැනියක් ගැනයි.ඒ තමයි කැරල් හාගිස්.පදිංචිය කැලිෆොර්නියාවේ (ඇමෙරිකාව) සැන්දිගෝ වල.පැටිකිරිය කිව්වා ඇති.ඔන්න එහෙනම් කියවන්න ස්ටෝරිය.....

ගෑනු උදවිය සාමාන්යෙන් මුදලට එහෙම ටිකක් කෑදරයිලුනේ...ඉතින් මේ නෝනත් එහෙමි.තමන්ගේ සැමියාට තිබ්බා ඩොලර් 25,000 ක ජීවිත රක්ෂණයක්.කැරල් නෝනට ඕන වුනේ ඉක්මනටම මේ ටික ගන්න.අන්තිමට මේ ගෑනු කෙනා තීරණය කළා සැමියාව වල පල්ලට යවන්න.

මුලින්ම මෙය කලේ සැමියා උදේට කන පාන් එකට LSO (ප්‍රභල මත්ද්‍රව්‍යක්)තොගයක්ම කලවම් කරපු එක.එත් ඉතින් මිනිහගේ වාසනාවටද කොහෙද තමන්ට බඩගිනි නෑ කියල ඔහු කෑම කාවේ නෑ.
අසාර්ථක වුනු පළමු උත්සාහයෙන් පසු ගැනි කලේ තම සැමියාගේ ලොරියේ එන්ජිමට පතොරම් තොගයක් අහුරපු එක.එත් පුපුරන්න තරම් එන්ජිම එදා රත් වුන නෑ.
අසාර්ථක දෙවන උත්සාහයෙන් පසු විශේෂ එන්නතක් මගින් මිනිහව මරන්න කරල් තීරණය කළා.එත් එදත් මිනිහගේ වාසනාවටද කොහෙද ඒකත් අසාර්ථක වුණා.
අසාර්තක තෙවන උත්සාහයෙන් පසු දිවිමකුලු විෂ සොයාගත් කැරල් හවසට මිනිහ කන කෑම එකට එක කලවම් කළා. ඒත් කෑම එකේ පාට වෙනස් වුණා.පාට වෙනස් වෙච්ච කෑම එක දැකපු මේ ආදරණීය සැමියා මෙහෙම කියල කෑම එක කෑවේ නෑ."කැරල්, මේකේ පාට ටිකක් වෙනස් වෙලා.මම හිතන්නේ මේක නරක් වෙලා.කමක් නෑ අපි වෙන මොනා හරි කමු.ඔයා හදන කෑම වලට මම කැමති යි.නරකවෙලාවට මේක නරක් වුනේ."(පේනවද තියෙන ආදරේ ).
අසාර්ථක හතර වෙනි වතාවෙන් පසු ඇය කලේ මිනිහා හවසට බොන බීර වීදුරුවට නිදි පෙති අහුරක් දැමීමයි.නමුත් බීර එක එක හුස්මට බිව්වා නිදි පෙති ටික දිය වුනේ නෑ.අසාර්ථක පස්වෙනි වතාවෙන් පසු කැරල් කලේ මිනිහා නන bath  ටැබ් එකට බාත්රූම් එකේ දොරට උඩින් විදුලිය කාන්දු වෙන ටෝස්ටෙරයක් දැමීමයි.එත් ටෝස්ටෙරේ බිම වැදුනේ නෑ.වයර් එක දිග මදි.
හයවතාවක් මිනිහා වසනවන්ත වුණා.ගෑනි අවාසනාවන්ත වුණා.ඒත් හත්වෙනි වතාවෙනම් මිනිහ අවාසනාවන්ත වුනා.
මොකද රාත්තල් 6 ක් බර පොල්ලකින් කැරල් හා එයාගේ මිතුරියක් මිනිහගේ ඔලුවට ගහපු නිසා.

මිනිහගේ බොඩි එක ගඟකට දාපු මේ දෙන්න පොලිසියට ගිහින් පැමිණිලි කළා සැමියා අතුරුදන් වෙලා කියලා."ටිකක් ඉන්න" කියලා පොලිසියට පැමිණිලි කරපු මේ දෙන්න තැනක ඉඳගෙන (පොලිසිය ඇතුලේ)පොඩ්ඩක් කතා බහ කළා.හැබැයි පොලිසිය මෙයාලගේ කතාව හොරෙන් රෙකොර්ඩ් කළා.ඔන්න වැඩේ මාට්ටු වුණා.මොකද දෙන්නා ඒ වෙලාවේ කතා කරලා තියෙන්නේ මිනිහව මරපු එක ගැනයි.පස්සේ දෙන්නටම නඩු වැටුනා. කැරල් ජීවිතාන්තය දක්වා සිර දඬුවමකට ලක් වුණා.


*මෙය සත්‍ය සිදුවීමකි

 ඔන්න මේ කතාවනම් ඉවරයි....මේක කියෙව්වට ඔයාලට ස්තුති කරන අතරම මෙය පිළිබඳව ඔබගේ අදහස් උදහස් අපට ලබාදෙන මෙන් ඔබගෙන් ඉල්ලා සිටිනවා...
                         ලිපිය ලබා දුන්නේ අපගේ ෂෙනාල් සහෝ විසිනි. ලිපිය ඔබට ගෙන අවේ මම චාමික විදුරංග යි .නැවත අලුත් ලිපියකින් හමුවෙමු! ඔබට ජය!

Leave a Reply